අපි සාමාන්‍යයෙන් computer එකෙන් Office package එකේ වැඩ කරන කොට යම් කිසි දෙයක් වරදුනොත් undo කරනවනෙ. අපිට මේ පහසුකම ගොඩාක් වටිනවනෙ ඉතින් මේ පහසුකම අපිට iPhone එකෙත් සලසල දීල තියනව.
අපි සාමාන්‍යයෙන් office package එකේදිනම් undo කරන්නෙ
↩️ button එක click කරල එහෙමත් නැතිනම් right click කරල undo කියන ආකාර වලින්නෙ. නමුත් iPhone එකේදි මේ පියවරයන් සම්පූර්ණයෙන්ම වෙනස්. ඔයාලට නම බලපු ගමන්ම තේරෙනව ඇති shake to undo කියන්නෙ හොලවනකොට මොකක් හරි වෙනව කියල නේ. ඇත්තටම එහෙම තමයි වෙන්නෙ. අපි මොනව හරි දෙයක් type කර කර හිටය කියමුකො අපිට යම් වැරදීමක් වෙලා undo කරන්න ඕන වුනාම phone එක සොලවන්න. එතකොට ඔයාලට රෑපසටහන් අංක 01 පරිදි පණිවිඩයක් එයි. එතනින් undo කරන්න.
![](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/f20/1/16/21a9.png)
අපි දැන් Undo කරල ඉවරයිනේ වැඩෙත් හරි ගියානෙ. දැන් අපිට ආපහු undo කරපු දේ ගන්න ඕන වුනොත් ඒ කියන්නෙ Redo කරන්න ඕන වුනොත් මොකද කරන්නෙ. එතකොට අපි තව පාරක් Shake කරන්න ඕන. එතකොට රෑප සටහන් 02 ආකාරයට පණිවිඩයක් එයි. එතනින් Redo කරගන්න පුලුවන්.
ඔයාලගෙ notepad එකේ හරි website එකක හරි තියන ලිපියක් copy කරල වෙනත් තැනක paste කලා කියල හිතන්නකො. ඒත් එපිට ඒක එතනට ගැලපෙන්නෙ නෑ කියල හිතුනොත් phone එක Shake කරන්න. රෑප සටහන් 03 ආකාරයට පණිවිඩයක් එයි. එහිදී Undo paste කරන්න.
ආපහු ඔයාට Undo paste කරපු එක ගන්න ඕන වුනොත් iPhone එක Shake කරන්න. එවිට රෑප සටහන් 04 ආකාරයට පණිවියක් එයි. එහිදි Redo paste කරන්න.
හැබැයි ඉතින් මේක නිකම්ම iPhone එක හොලවවු කියල එන්නෙ නෑ. මොකද මේ පහසුකම active කරගන්න ඕන. ඒක කරන්නෙ මෙන්න මෙහෙමයි.
Setting
➡️ General
➡️ Accessibility
➡️ Shake to Undo
➡️ On
![](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/f9e/1/16/27a1.png)
![](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/f9e/1/16/27a1.png)
![](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/f9e/1/16/27a1.png)
![](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/f9e/1/16/27a1.png)
දැන් වැඩේ හරි. කරලම බලන්න. ප්‍රයෝජනවත් වුනා කියල හිතෙනවනම් like comment share පාරක් දාල සහයෝගයක් දෙන්න.
අnjula Madusanka