සමහර ඇපල් ෆෝන් වල country lock වැටිල තියෙනවනේ. ඒ ෆෝන් පාවිච්චි කරන්න පුලුවන් ඒ අදාල රටේ අදාල නෙට්වර්ක් එක හිමි සිම් එකක් දාල විතරයි. උදාහරණයකට ජපානයේ සොෆ්ට්බෑන්ක්.
මේ විදියට country lock එක වැටිල තියෙන ෆෝන් වල මේ country lock එක කඩන්නත් පුලුවන්. ඒත් ඒක එක එක රටවල් අනුව වෙනස් වෙනව. දැනට මිල අදිකම ජපානයේ country lock එකක් කඩන එක.
ඉතින් මේ ආර් සිම් එකෙන් කරන්නෙ මේ country lock එක කඩන්නෙ නැතිව වෙනමම ආකාරයකට lock එක මගහැරීමක්. හැබැයි මේ ආර් සිම් එක හැම country lock දුරකතනයක් සමගම බාවිතාකරන්නත් බෑ.
ඒවගේම තමයි ඇපල් ෆෝන්වල අලුත් අලුත් අප්ඩේට් එනවනේ. එන්න ඒ වෙලාවට අපේ පරන ආර් සිම් එක අලුත් අප්ඩේට් එකත් එකක් වැඩකරන් නැතුව යනව. ඒ වෙලාවට අපි ඒ අප්ඩේට් එකට ගැලපෙන ආර් සිම් එකක් ගන්න ඕන. ආර් සිම් එකත් මේවන විට version කිහිපයකින් වෙලදපලට ආව. ඒ ඇපල් අප්ඩේට් වලට සමගාමීවයි. දැනට ආර් සිම් version 10 එක තමයි තියෙන්නෙ.
ආර් සිම් එකක් දාල ඇපලක් පාවිච්චි කරනකොට පොඩි පොඩි අවුල් ඇති වෙනව. සිග්නල් මදිවෙනව, ෆෝන් එක හිරිවෙනව, ස්ලෝව් වෙනව, බැටරිය ඉක්මනට බහිනව. ඔය වගේ පොඩ් පොඩ් අවුල් එනව.
මේ කියපු ටිකෙන් ආර් සිම් එකක් කියන්නෙ මොකක්ද කියල අදහසක් ගන්න පුලුවන්නෙ නේද. ලගදිම ආර් සිම් ගැන මීට වඩා දෙයක් දෙන්නම්. කමෙන් පාරකුත් දීගෙනම යන්න.
#සම්පුර්ණ අයිතිය apple iHelper හි anjula madusanka සතුයි#